gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි කියා සොයාගත්තා..- පොලිස් ඇමති

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැවසූ ආකාරයටම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මෑතකදී ප්‍රකාශ කරයි.

එම පරීක්‍ෂණවල යම් ප්‍රගතියක් මේ වන විට ඇති බවත් ප්‍රහාරයට අදාළව සිදු වූ මුල් විමර්ශනවල අඩුපාඩු සහ ඒවායේ පැවති නොසැලකිලිමත්කම පිළිබඳව ද විධිමත් විමර්ශනයක් දැනට ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි.

මෙම විමර්ශන අතරතුර නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන සිවසේනතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයකින් සිටි බවට මේ වන විට හෙළි වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද පිල්ලයාන් මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට මේ වන විට තොරතුරු තහවුරු වී ඇති බව ද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ පැවැති ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka