gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සුවසැරිය’ සාර්ථකත්වයට වගකිව යුත්තේ මාලිමාණ්ඩුවයි - චතුරංග

සුවසැරිය සේවාවේ ප්‍රතිසංස්කරණ සමග සුවසැරිය ඉදිරියට ගමන් කරන බව මහජනතාව දන්නා බවත් මෙම වසරේ සුවසැරිය සේවාව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් බවත් නියෝජ්‍ය කර්මාන්ත ඇමති චතුරංග අභයසිංහ මහතා පවසයි.

එම සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් වෙන්කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ආයෝජන වෙන් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊට අවශ්‍ය නවෝත්පාදන දැනටමත් හඳුන්වා දී ඇති බවද ඔහු කියා සිටියේය.

නව කළමනාකරණයක් සමඟ මෙම සේවාව අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද චතුරංග අභයසිංහ මහතා පෙන්වා දුන්නේය.

සුවසැරිය යනු පෞද්ගලික දේපළක් නොවන බවත්, එය ඉන්දීය රජයේ ආධාරයක් මත ශ්‍රී ලංකා රජයට ලබාදුන් ජාතික ව්‍යාපෘතියක් බවත් ඔහු අවධාරණය කළේය.

එවන් ජාතික ව්‍යාපෘතියකට “උප්පැන්න සහතික” දීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා, මෙතැන් පටන් සුවසැරියේ සාර්ථකත්වයට වගකිවයුත්තේ වත්මන් රජය බවද, එහි සාර්ථකත්වය ජනතාවට ලබාදෙන සේවාව මත රඳා පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම, ජනතාවට ලබාදෙන සේවාවේ අඩුවක් සිදුවුවහොත් ඒ පිළිබඳව කතා කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka