සපුගස්කන්ද ගන්න ඉන්දු-චීන-ඇමරිකා පොරයක්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ සහ ධාරිතාව දෙගුණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් කැඳවීමෙන් පසු ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත. සිකුරාදා දිනෙන් අවසන් වූ අයදුම්පත් කැඳවීමේ කාලය තුළ, ප්‍රධාන පෙළේ රටවල් කිහිපයකින් සමාගම් විස්සක් (20) පමණ ආයෝජනය කිරීමට සිය කැමැත්ත පල කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ. රාජකරුණා මහතා කියා සිටියේ, ලෝකයේ චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල සමාගම් මේ අතර සිටින බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරිපත් වූ අයදුම්පත් ඇගයීමේ කටයුතු තවම ආරම්භ කර නොමැති අතර, එම ක්‍රියාවලිය ඉදිරියේදී කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම ව්‍යාප්තියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පිරිපහදු කිරීමේ හැකියාව දැනට දිනකට බැරල් 50,000 සිට බැරල් 100,000 දක්වා ඉහළ නැංවීමයි.
සපුගස්කන්ද ගන්න ඉන්දු-චීන-ඇමරිකා පොරයක්…
2025-10-04T20:27:00+05:30
Gossip Lanka Hot News






