gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කජ්ජා පුත‍්‍රගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි.. නෑදෑයනුත් කැදවයි..

2012 වසරේදී ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනය ආසන්නයේ මිද්දෙණියේ “කජ්ජා” නොහොත් අරුණ විදානගමගේ සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදු කරන ලද හඳුනාගැනීම සම්බන්ධයෙන්, කජ්ජාගේ ඥාති සහ හිතමිත්‍රාදීන් ඇතුළු  පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

අවශ්‍යතාවක් මතු වුවහොත්, කජ්ජාගේ පුත්‍රයාගෙන් ද නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ, අරුණ විදානගමගේගේ පුත් ඉඳුවර විදානගමගේ විසින් මීට පෙර මාධ්‍ය වෙත අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

2012 වසරේ තාජුඩීන් ඝාතනයට සිය පියා සම්බන්ධ බවට මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කළ නමුත්, එය අසත්‍ය ප්‍රකාශයක් බවට පුතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, කජ්ජාගේ බිරිඳගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් තවදුරටත් සාක්ෂි රැස්කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2012 වසරේ සිට මේ දක්වා කාලය තුළ එම මෝටර් රථය අසල සිටි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොතිබූ බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka