gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙඩි නොවදින රථය සහ පෙරගමන් රථය භාර දුන්නා… දැන් මහින්දගේ ජීවිතේ අනතුරේ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක කියයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර කළ බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නිතිඥ මනෝජ් ගමගේ පවසයි. ඔහු පවසන්නේ ඊයේ (03) දිනයේ දී අදාල සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාර දුන් බව කියන නීතිඥ මනෝජ් ගමගේ මේ තත්ත්වය තුළ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිත අවදානමක් නිර්මාණය වී ඇති බව කියන්නේය.

“අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” ඔහු කීවේය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දන්වා තිබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka