gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලිගම සභාපතිගේ ඝාතකයන් අල්ලයි… මෙන්න විස්තරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’  ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.  අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වනවා.

22 වැනි දින පෙරවරුවේ ලසන්ත වික්‍රමසේකර   සිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබු පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුරුව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත් වුණා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka