gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලිගම සභාපති ඝාතක සැකකරුවෙකු පොලිසිය සමග පොරබදා පලා යයි…

2025.10.22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ මග පෙන්වීම මත පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාන්ලාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාල සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව 2025.10.26 වන අද දින අළුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර ඇති අතර එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇත. සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරු පැදිවලින් එක් යතුරු පැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරීන් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්‌මන පරන ලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහල බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ ” හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp) – 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  – 011 233 7162 / 071 859 2087

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka