gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක… දුරකතන වාර්තා කැදවයි…

රගර් ක්‍රීඩක වසීම් තජ්ජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදී තවත් වැදගත් කරුණු අනාවරණය වෙමින් ඇත. විමර්ශනවලට අනුව, අරණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

CID වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ, 2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයා ඝාතනයට ලක්වීමට පෙර, ඔහු පසුපස මෝටර් රථයකින් ලුහුබැඳි පිරිස අතර කජ්ජාද සිටි බවයි.

කෙසේ වෙතත්, පසුව ඔහුගේ පුත්‍රයා සහ ඥාතීන් විසින් මෙම ප්‍රකාශයන් අභියෝගයට ලක් කරමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇත.

තවද, ඝාතනය සිදුවූ දිනේ කජ්ජා රැඳී සිටි ස්ථාන පිළිබඳව සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් CID ය විසින් අඛණ්ඩව විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් බවට දැනට ප්‍රකාශ කර ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරී දින 90ක රඳවම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ‘බී වාර්තාවක්ද’ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ, මෙම විමර්ශනයට අදාළව මෙන්ම මිත්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහාද සැකකරු තවදුරටත් පොලිස් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරන බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka