gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙලිය තවත් අමාරුවක.. ඔහුගේ සමයේ තවත් විශාල වංචාවක් හෙලිවේ..

ලෝක බැංකුවේ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදීගෙන තිබූ Blood Glucose strips සහ Atracurium injection , Nitroglycerin sublingual tablets යන අයිතම මිලදීගෙන වෛද්‍ය සැපයුම් අංශ ගබඩා තුළ කල් ඉකුත් වූ තිබූ බවත් මේවා රෝහල්වලට බෙදා නොදීමට කටයුතු කර තිබූ බවත් නවතම විගණන වාර්තාවක් මගින් තහවුරු වී ඇත.

කල් ඉකුත් වූ Glucose strips වල වටිනාකම රුපියල් මිලියන 219 කට ආසන්න වෙයි.2023 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකය අංක පනස් හතර තොග ගබඩා වෙත ලද මෙම රුධිරගත සීනි මට්ටම මැණ වැලීමේ දර්ශක 2015 ජනවාරි තිස් එක වන විටත් රෝහල්වලට බෙදා නොදී කල් ඉකුත් වෙමින් පැවැති බව විගණනය පෙන්වා දෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම විගණන වාර්තාවට අනුව නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය මත මෙම ආර්ථික කලාබේ සිදුව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මෙම දර්ශක පවතිද්දී රෝහල් බලධාරීන් විසින් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 59ක සහ 2023 වසරේ දී රුපියල් මිලියන 52 ක් වටිනා ග්ලුකෝස් දර්ශක ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස වැඩිමිලට මිලද ගෙන ඇති බවද විගණන වාර්තාව පෙන්නුම් කරයි.

එසේම රුධිරගත ග්ලූකෝස් මට්ටම මැන බැලීම සඳහා නොමිලේ ලබාගත හැකි Glucometer මැන බැලීමේ උපකරණ, Lancet කටුද ඇමෙරිකානු ඩොලර් 87 680 ක් වැය කොට මිලදීගෙන ඇති බව විගණනය පෙන්වා දෙයි.

මෙම කාල සීමාවේදීම වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 6 ගබඩාව වෙත මිලදී ගන්නා ලද රුපියල් මිලියන 38 ක් අධික වටිනාකමකින් යුත් Atracurium injection තොගයක්ද නිසි පරිදි ශීත දාම භාවිතා නොකිරීම නිසා කල් ඉකුත් වී ඇති බව නිරීක්ෂණය වී ඇත. එසේම රුපියල් මිලියන 71ක් වටිනා Nitroglycerine tablet ඖෂධ තොග ද වෛද්‍ය සැපයුම් මේකකය තුළ කල්ලි. ඉකුත් වී ඇති බව විගණනය පෙන්වා දෙන අතර ඉහත කල් ඉකුත් වූ උපකරණ සහ ඖෂධ වලට අමතරව තවත් රුපියල් මිලියන නවසීයක් වටිනා වෛද්‍ය සැපයුම් අයිතම 892ක් 2024 දෙසැම්බර් 31 වන විට වෛද්‍ය සැපයුම් මේකකය තුළ කල්ල ඉකුත්ව ඇති බව මෙම නවතම විගණන වාර්තාව පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතික්‍රියක වංචාව, සංස්ථාවේ රුපියල් මිලියන නවසීයක මුදල් අව භාවිතාව, සහ තත්වෙන් බාලා ඖෂධ හා කල්ලිකුත් වූ ඖෂධ මිලදී ගැනීම සහ ගබඩා කිරීම නිසා මේ අන්දමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරැන් වන පවිත්‍රා වන්නිආරච්චි ,චන්න ජයසුමන , කෙහෙල් රඹුක්වැල්ල පාලන කාලෙදි සිදුවූ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිලි කරන නමුත් ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීම දැඩි ලෙස ප්‍රමාද වන බවත්, විගණනය මගින්ම පෙන්වා දෙන පරිදි දූෂිත නිලධාරීන්ට එරෙහිව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගැනීම කනගාටුවට කරුණක් බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පවසයි
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka