gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිපුර පොලිසියට පැමිණි තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් “අවවාද” කරලා… දෙදෙනාම රෝහලේ…

සිරිපුර පොලිසියේ නිලධාරියෙක් පොලිසියේ රථ වාහන අංශය තුළ දී  “අවවාද” කිරීම නිසා  තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. පසුගිය 02 දා නුවරගල ප්‍රදේශයේ දී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙක් සිරිපුර පොලිසිය විසින් නවත්වා තිබේ.  ලියකියැවිලි පරීක්ෂා කිරීමේ දී යතුරුපැදියේ රක්ෂණ සහතිකය කල් ඉකුත් වී ඇති බව පෙනී ගොස් ඇත. එම වරදට දඩ කොලයක් ලියා දී රක්ෂණ සහතිකය අලුත් කරගෙන එන ලෙස පොලිසිය තරුණයින්ට නියෝග කර තිබේ.

ඒ අනුව දඩ කොලය ගෙවා රක්ෂණ සහතිකයත් අලුත් කරගෙන සිය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට තරුණයින් දෙදෙනා සිරිපුර පොලිසියට ගොස් ඇත. එහිදී මෙම තරුණයින් දෙදෙනා පොලිසියේ “අවවාදය”ට ලක් වුන බව පොලිසිය කියයි.  මේ වනවිට තරුණයින් දෛනා  රෝහල් ගත කර ඇත.

තරුණයින් පවසන්නේ පොලිසිය තුළ දී තමන්ට පහත් ලෙස බැන වැදීමෙන් අනතුරුව අනතුරුව අමානුෂික පහරදීමකට ලක් කළ බවය. තුවාල ලැබූ තරුණයින් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස   රෝහල් ගත කර ඇත්තේ දමනේවැව නුවරගල අංක 294  ලිපිනයේ පදිංචි, 34 වියති කේ.වයි.ජී.  රුවන් සම්පත් සහ, පිහිටිවැව නුවරගල, අංක182 ලිපිනයේ පදිංචි 27 වියති එම්.ජී. ධනුෂ්ක නුවන් යන දෙදෙනාය.

මෙම පහරදීම සම්බන්ධව තමන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ඊයේ ( 03 ) දහවල් පැමිණිලි කර ඇති බව රුවන් සම්පත්ගේ   පියා වන කේ.වයි.ජී. ගුණතිලක  සඳහන් කළේය.

එහෙත් මේ පිළිබඳව අප සිරිපුර පොලිස් ස්ථානාධිපති ජීී.ආර්.ජී නෙත්තසුරියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  ඔහු කීවේ මේ දෙදෙනාට පහර දී නැති බවත් අවවාද කර ඇති බවත්ය.

ස්ථානාධිපතිවරයා කියන්නේ  රක්ෂණ සහතිකය කල් ඉකුත්වී දඩයට යටත් කළ පුද්ගලයා සමග පැමිණි යහළුවා ජංගම දුරකථනයෙන් පොලිසිය තුළ වීඩියෝ කර ඇති බවත්, ඒ අනුව පොලිස් නිලධාරියෙකු මේ දෙදෙනාට  අවවාද කිරීමෙන් පසු    තල්ලු කර ඇති බවත්ය.

,මේ   පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බැවින්, පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

-මනම්පිටිය නිමල් ජයරත්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka