gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කජ්ජා ඝාතනයට සම්පත් මනම්පේරිගේ සම්බන්ධතාව තවදුරටත් තහවුරුයි!

Gossip Lanka Hot News මීගස්ආරේ කජ්ජාගේ ඝාතනයට ඍජුව සම්බන්ධ සහ ඊට අනුබල දුන් පිරිස අතර සම්පත් මනම්පේරි සමග සම්බන්ධකම් ඇති කීප දෙනෙක්ම හඳුනාගෙන ඇතැයි ඒ  පිළිබඳ කරන විමර්ශනවලදී  අනාවරණය වී තිබේ. පසුගිය පෙබරවාරි මස 18 දා රාත්‍රියේ  මීගස් ආරේ කජ්ජා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ  දරු දෙදෙනා සමග යතුරු පැදියේ ගමන් කරමින් සිටියදීය. මෙම සිද්ධියේ දී ඔවුන් තිදෙනාම වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.

ඝාතනය සඳහා චෝදනා ලැබුවේ ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් බැකෝ සමන් හා තැඹිලි ලහිරුය. සිද්ධිය  සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වූයේ මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට යොදා ගත් ගිනි අවිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි විසින් ලබා දී තිබුණ බවය.

මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ වෙඩික්කරු රොෂාන් නැමැති පුද්ගලයෙක් බව මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඔහු සම්පත් මනම්පේරිගේ නිවසේ ඉදිකිරීමක නිරත වූ ඔහුගේ හිතවත් පුද්ගලයෙක් බව සඳහන්ය.

මීගස්ආරේ කජ්ජා ඝාතනයට පෙර ඔහුගේ ගමන් පිළිබඳ ඔත්තු බැලූ ජීව නැමැති සැකකරු සම්පත් මනම්පේරිගේ බස් රථයේ සේවය කළ අයෙක් බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka