Gossip Lanka Hot News කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පිළිබඳ සමාජය නොදැන සිටි කතාවක් සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
අමාත්‍ය හඳුන්නෙත්ති මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුභපැතුමක් එක්කරමින් චතුරංග අබේසිංහ මහතා විසින් මෙම සුවිශේෂී සටහන එක් කර තිබේ.
එම සටහන පහතින්,
හඳුන්ව මුලින්ම හදුනගන්න්ව් COPE එකේ සභාපති විදිහට TV එකේ, හදුන්ව මුලින්ම හමුවෙන්නේ 2019 කැම්පේන් එකේදී ඒත් මුනගැසීමක් විතරයි, ඊට පස්සෙ වරින් වර සමුළුවලදී හම්බුනා.. පක්ශෙ විධායක කමිටු වල දකිනවා.. ඉතාම නිහතමානී චරිතයක්
මගේ දේශපාලනයට පිවිසීම සිද්ධවෙන්නෙ 2021 දෙසැම්බර් ජාතික ජනබලවේග ජාතික සමුළුව, එදා කතා 4යි ඒකෙන් එකක් මම.. සමුළුව ඉවරවෙලා දොරකොඩට එනකොට හඳුන් ආව ඉස්සරහට.. මගේ අතින් අල්ලන් කිව්වා..
“මල්ලි අපේ කාලේ ඉවරවේගෙන එනවා මේ ආර්ථිකය ගැන මාතෘකාව කරට ගන්න, මල්ලි අද කරපු කථාව නියමයි කියල”
එදා තමයි මම හඳුන්ගේ නිහතමානී නායකත්වය දැක්කේ.. වෙන පක්ෂ වල නවකයන්‍ට නැති හයියක්…
දෛවය කියන්නෙ අපි දෙන්න ඉතින් හරියටම හදුනගන්නෙ 2024 නොවැම්බර් ඉදල කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමති හා නියොජ්‍ය ඇමති ලෙස.
එදා ඉදන් අපි දෙන්න ලස්සන මැච් එකක් ගහනවා.
හඳුන්ගේ තීරණ වල සාර්ථකම තීරණය තමයි තිලකා ජයසුන්දරව ලේඛම් ලෙස පත්කරගැනීම, ඊලඟ සෑම ආයතනයකටම අපිට නොදෙවෙනි උනන්දුවක් තියන දක්ශ සභාපතිවරු පත්කරපු එක. අද කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතියට මූලික හේතුව ඒක.
මට මුලින්ම දීපු නිදහස තමයි මල්ලී කැමති දක්ෂ කණ්ඩායමක් පුද්ගලික කාර්‍යමණ්ඩලයට පත්කරගන්න කියපු එක.
අපි දෙන්න අමාත්‍යාංශයේ වගකීම් බෙදාගත්ත කර්මාන්ත හා ව්‍යවසායකත්වයට අදාල ආයතන මටත්, කුඩා කර්මාන්ත හා බරපතලම රාජ්‍ය ව්‍යවසායකත්ව(සීනි,ඛණිජ) මැණික් හා සවර්ණාබරණ, අපනයන මණ්ඩලය අයියගේ සෘජු අධීක්ෂණයට.
ඒ වගේම බරපතල අවුලකදී, අමාරු තීරණයකදී හඳුන් මට උපරිම සහය දුන්නා, දේශපාලනය අළුත් අපිට අමාරුයි, හඳුන්ගේ අත්දැකිම් හා පරිනිත භාවයත් මගේ තාක්ෂණික දැණුමත් එක්ක අපි අමාත්‍යාංශයේ හා කර්මාන්ත ප්‍රතිපත්තිවල දැවැන්ත වෙනසක් කරමින් යනවා.
අමාරුම ක්ශේත්‍ර වෙන සීනි හා මැණික් හඳුන් ස්ථාවර කලා, ඒ වගේම මේ වෙන කොට මඩකලපුව හා මාතර බිමේ වැඩ අධීක්ෂණය කරන්නෙ අයියා
Capacity එක කොච්චරයිද කියල කියන්න අමාරුයි, අපි දෙන්නම ඉඳල හිටල වචනයක් ටපලවගන්නවා, දෙන්නට දෙන්න Feedback දීගෙන ඉස්සරහට යනවා ☺
හඳුන්ට ශ්‍රවන ආබාධයක් තියෙනවා ඔහු Battery වලින් වැඩකරන ශ්‍රවන ආධාරකයක් භාවිතා කරනවා, අතේ කකුලේ අබාදයක් තියෙනවා, මේ එකෙක් වත් ඔහුගේ හැකියාවට කැපවීමට බාධක කරගෙන නෑ.
හඳුන්ට අපහස කරන බනින කාටවත් හඳුන්ගේ සමාජය කෙරෙහි තියන ආදරයට, සමාජ පරිවර්තනයට තියන කැපවීමට හා දේශපාලන පරිනතබාවයට, නිහතමානීකමට අසලකටවත් එන්න බෑ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව පරිවර්තනීය යුගයකට ගෙනියන්න ඔබ දෙන නායකත්වයට ස්තුතියි.
සුබ උපන්දිනයක් සහෝදරයා
චතුරංග අබේසිංහ