gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණ බව දැනගෙනම ආරක්ෂාව ඉල්ලා වැලිගම සභාපති ලසන්ත පොලිස්පතිට යැවූ විශේෂ ලිපිය මෙන්න.!

ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා විසින් ඔහුට ජීවිත තර්ජන සිදුකර ඇති පාතාල කණ්ඩායම්, පුද්ගලයින් ඇතුළු බොහෝ තොරතුරු හෙළිකරමින් සුදුසු ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට යොමු කළ ලිපියක් සහ දිව්රුම් ප්‍රකාශයක් අප වෙත ලැබී ඇත.

ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා විසින් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට යැවූ ලිපිය පහතින්,

මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි.

මම, 2025 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස පත් වී, මේ වන විට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධූරයේ කටයුතු කරන බව සැලකර සිටිමි.

නමුත්, මම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දිවුරුම් දීමට ආසන්න කාල සීමාවේ සිට මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර, එම කාලයේදී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජන එල්ල විය.

මීට අමතරව, විවිධ පාර්ශ්ව විසින් මේ වන විටත් සමාජ ජාලා හරහා මා හට තර්ජනය කරන බව ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් මම අවස්ථා ගණනාවකදී පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළ බව කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලීසිය මා හට දැනුම් දුනි. මම අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවෙන් පිටත්ව යන අවස්ථාවකදී ඔවුන් මා ඝාතනය කිරීමට උත්සාහ කරන බවට මා හට විශ්වාසයක් පවතින බව දැනුම් දෙමි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට මට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි. ඊයේ දිනයේදී (අගෝස්තු 28) ද සමාජ මාධ්‍ය ඔස්සේ මගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන්, මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැත්තා මුහුණු පොත හරහා පෝස්ටුවක් පළ කර ඇති ආකාරය පිළිබඳ මට දැන ගැනීමට ලැබුණු අතර, ඉදිරියේදී එම පෝස්ටුවේ පිටපතක් ලබා දීමට හැකියාවක් පවතින බව ද කියා සිටිමි. මීට පෙර අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ගේ නම් පළකර, මා ඔවුන්ගේ සමීපතමයෙක් බව සඳහන් කරමින්, මගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ තොරතුරු මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා සමාජය වෙත මුදා හැරීමක් සිදු විය.

මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව දැනෙන බැවින් ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජනයන් ඉතා සීඝ්‍රයෙන් වැඩි වී ඇති බැවින් ද, මාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ලසන්ත වික්‍රමසේකර.

ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා විසින් පොලිස්පතිවරයාට ලබාදී ඇති දිව්රුම් ප්‍රකාශයක් පහතින්,

මා, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ බවත්, එහි සභාපතිවරයා වශයෙන් ධුරයේ කටයුතු කරමින් සිටිනා බවත් ප්‍රකාශ කරමි. මාගේ ජීවනෝපාය ලෙස, මම දැනට රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් පතල් කිහිපයක් පවත්වාගෙන යන බව ද ප්‍රකාශ කරමි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ දා සිට, මා පාතාල කල්ලි කණ්ඩායම්වලට සම්බන්ධ අයෙක් බවට විවිධ පාර්ශ්ව විසින් අපවාදාත්මක ප්‍රචාරයන් සිදු කළ බවත්, එහි දිගුවක් ලෙස මට ජීවිත තර්ජන ද එල්ල වී ඇති බවත් කියා සිටිමි. එම තර්ජන මැතිවරණයට පෙර සිටම පැවති අතර, එකී හේතූන් මත මහාධිකරණය විසින් අංක 175/2023 දරන නඩුව සඳහා ලබාදුන්, පොලීසියට නිශ්චිත වෙලාවකදී වාර්තා කිරීම සඳහා වූ ඇප කොන්දේසිය වෙනස් කර ගැනීම වෙනුවෙන් 2023/06/09 දින ඉල්ලීමක් ද කරන ලද බව මා කියා සිටිමි.

නදුන් චින්තක යන අය සමඟ මා සම්බන්ධතා පවත්වන බවට විවිධ පාර්ශ්ව අවලාද නැඟුව ද, සත්‍ය වශයෙන්ම පවතින්නේ පාසල් කාලයේ සිටම පැවත එන මිත්‍ර සම්බන්ධතාවක් පමණක් බවත්, ඒ බව විමර්ශන ආයතන සහ විමර්ශන නිලධාරීන් සියලු දෙනා වෙත මා විසින් නොසඟවා ප්‍රකාශ කර ඇති බවත් ප්‍රකාශ කර සිටිමි.

මෙම තත්ත්වය මත, මෑතකදී මාගේ ජීවිතය නැති කරන බවට දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි සහ කොළඹ පාතාල කල්ලි විසින් ප්‍රකාශ කර ඇති බවට විශ්වාසදායක තොරතුරු පවතින බව මා ප්‍රකාශ කරමි. රොටුඹ අමිල, කංජිපානි ඉම්රාන්, කෙහෙල්බද්දර පද්මේ, පානදුරේ නිලංග ඇතුළු විශාල පිරිසක් විසින් මා ඝාතනය කරන බවට අවස්ථා කිහිපයකදීම සඳහන් කර ඇති බව ප්‍රකාශ කරමි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන්, අවට පොලිස් ස්ථානවල බුද්ධි අංශ නිලධාරීන් සහ අපරාධ අංශවලට සම්බන්ධ පොලිස් නිලධාරීන්, මා වෙත බරපතළ ජීවිත තර්ජනයක් පවතින බැවින් සෑම අවස්ථාවකදීම ආරක්ෂිතව කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රකාශ කර සිටිමි.

මා ඉහත කරුණු සමඟ අගති විරහිතව කියා සිටින්නේ, පසුගිය කාලසීමාව පුරාම දකුණු පළාත ද ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ස්වරූපයෙන් ඝාතන සිදු වී ඇති බවත්, එකී ඝාතන ස්වභාවයන් දෙස බැලීමේදී මා හට ද ජීවිතය සම්බන්ධයෙන් සාධාරණ බියක් ඇති වී ඇති බවයි. එම නිසා, මාගේ රාජකාරී වේලාව තුළදී සහ ඉන් පසුවත්, මා හට සුදුසු ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka