වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ ප්‍රාදේශීය සභා පමණක් නොව රටේ හැමතැනම අනාරක්ෂිත බවයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාවට තර්ජනයක් තිබී නැති අතර, ජනතාව නිදහසේ ගමන් කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවත්, ඒ සම්බන්ධ පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ කිරීම සඳහා පොලීසියට නිදහස ලබා දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එසේම, අතීතයේදී පාතාලයට සම්බන්ධ කණ්ඩායම් විවිධ ලෙස ගැටුම් ඇති කර ගනිමින් සිද්ධි සිදු වුවද, ඒවා දැන් අඩු වී ඇති බවක් දක්නට ලැබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. නමුත් දැනටත් පාතාල කණ්ඩායම් ආයුධ සහිතව සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.
ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේය. නමුත්, හැම තැනක්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මේ වන විට රටේ පවතින පාතාලය දුරම් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවත්, එම වගකීම ආණ්ඩුව භාරගෙන ඇති බවත්ය.
විපක්ෂය විසින් පත් කරන ලද ප්‍රාදේශීය සභාපතිවරයෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පක්ෂය හෝ විපක්ෂය කුමක් වුවත් මනුෂ්‍ය ඝාතනයක් සිදුවීම සුදුසු දෙයක් නොවන බවයි.
ඒ මහතාගේ ස්ථාවරය අදාළ ප්‍රදේශයේ පොලීසිය සහ පර්යේෂණ කණ්ඩායම් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවයි