gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේගෙන් තර්ජන

වැලිගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට  සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිත තර්ජන එල්ලවී ඇතිබව ඒ මහතා පවසයි. ඒ මහතාට මේ අයුරින් තර්ජන එල්ල වී ඇත්තේ දෙහිබාලේ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙනි.

වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් ඔක්තොම්බර් 07 වනදා දෙරණ නාළිකාවේ විකාශය වීමෙන් අනතුරුව ඔක්තොම්බර් 08 වෙනිදා දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කිරීම සිදුව ඇත.

මෙම තර්ජනය සම්බන්ධව මාධ්‍යවේදී තරංග ගුණරත්න පසුගිය 09වැනිදා මිදිගම පොලීසියට පැමිණිලි කර ඇති නමුත් ඒ මහතා පවසන්නේ පොලිස් විමර්ශන සිදුවන බවක් පෙනෙන්නට නොමැති අතර එවැනි පසුබිමක සිය ජීවිතය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවය.

පොලිස් පරීක්ෂණ කඩිනම් කරමින් මාධ්‍යවේදී තරංග ගුණරත්නගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ වෙමින් මෑත කාලයේ පුද්ගල ඝාතන ගණනාවක් සිදුව ඇති පසුබිමක මෙය නොසළකා හළ හැකි තර්ජනයක් නොවන බවත්, මෙවැනි තර්ජන මගින් මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය නිදහසේ සිදු කිරීමට නොහැකි වන අතර ස්වාධීන මාධ්‍යකරණය අකර්මන්‍ය වීමද සිදුවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෙන්වා දී ඇත.

එබැවින් මෙම තර්ජනය කිරීම හෙළා දකින අතර පොලිස් පරීක්ෂණ කඩිනම් කරමින් මාධ්‍යවේදී තරංග ගුණරත්නගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටී.
 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka