gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොතරැයි මණ්ඩලයේ මුදල් වලට හේෂාගේ නෝනයි අකිලගේ නෑනයි සුද්දයක් දීලා

පසුගිය රජයන් සමයේ දේශපාලන සබඳතා මත පත් කරන ලද ලොතරැයි නියෝජිතයින් විශාල පිරිසක්, ජාතික ලොතරැයි මණ්ඩලයට ගෙවිය යුතු මුදල් මහා පරිමාණයෙන් පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා මෙම හෙළිදරව්ව සිදු කළේ, (29) දින එම මණ්ඩලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී නිශ්චිත සිදුවීම් කිහිපයක් පිළිබඳව කරුණු හෙළිකළ සභාපතිවරයා, කුරුණෑගල, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ලකීෂා තරංගිකා රාජපක්ෂ නැමැති අලෙවි නියෝජිතවරිය, ලොතරැයිපත් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 98ක දැවැන්ත මුදලක් මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති බව අනාවරණය කළේය.

මෙම නියෝජිතවරිය, 2016 වසරේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු දැනුම්දීම මත පත්කර ඇති බවත්, ඇය ඔහුගේ නෑනනිය වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේය.

එමෙන්ම, ඩී.එම්. විජිතා නන්දනී නැමැති තවත් අලෙවි නියෝජිතවරියක් රුපියල් ලක්ෂ 21ක හිඟ මුදලක් නොගෙවා සිටින බවට කරුණු දැක්වූ සභාපතිවරයා, ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ඉල්ලීම මත පත්කර ඇති බවත්, ඇය එම මන්ත්‍රීවරයාගේ බිරිඳ වන බවත් අනාවරණය කළේය.

මෙම දේශපාලන පත්වීම් ලාභීන්, නියමිත ක්‍රමවේදයන්ට පරිබාහිරව නියෝජිත ආයතන ලබාගෙන ඇති අතර, ඔවුන් විසින් ලොතරැයිපත් අලෙවියෙන් උපයාගත් මුදල් නැවත මණ්ඩලය වෙත ගෙවීම පැහැර හැරීම නිසා මණ්ඩලයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවද සභාපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, දීර්ඝ කාලයකට පසුව මෙම පුද්ගලයින් වංචා විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා විමර්ශන ආරම්භ කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මේ වන විට හිඟ මුදල් කොටස් වශයෙන් ගෙවීම ආරම්භ කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-asianmirror
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka