පොලිසියේ සියළු මාරු කිරීම් පොලිස්පති අතට.. පොලිස් කොමිසමෙන් ඉවතට..
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් වන බලතල පොලිස්පතිවරයා වෙත පැවරීමට අදාළව නව ගැසට් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
දැනට ලැබෙන තොරතුරු අනුව මෙම නිල නිවේදනය ඉදිරි සතිය තුළදී ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇත.
මේ දක්වා කාලය පුරාවටම පොලිස් නිලධාරීන්ගේ මාරු කිරීම් සහ උසස්වීම්වල බලය හිමිව තිබුණේ පොලිස් කොමිෂන් සභාවටය. මෙම නව ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ එම බලතල සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයාට හිමි වනු ඇත.
පොලිසියේ සියළු මාරු කිරීම් පොලිස්පති අතට.. පොලිස් කොමිසමෙන් ඉවතට..
2025-10-05T13:38:00+05:30
Gossip Lanka Hot News






