gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද සහ මෛත්‍රී වෙඩි නොවදින රථ යළි ඉල්ලයි

සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වාහන රජයට ලබා දීම හරහා ඔවුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් පවතින බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඔවුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ආරක්ෂණ සමාලෝචන කමිටුව වෙත මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබා දෙන තීන්දුවට අනුව කටයුතු කරන බව ද  මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
''මේ වෙද්දී විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිකම් අහෝසි වුණා. ඉන්පසුව ඔවුන් යම්කිසි වාහන කිහිපයක් භාර දී තියෙනවා. ඉන්පසුව හිමිකම් පනත යටතේ ගැනෙන්නේ ආරක්ෂාව සම්බන්ධ කාරණය මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කර ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් වාහන දීම හරහා එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් තියනවා කියලා''
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka