gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බිමල් කන්ටේනරයකට යට කරන්න ගත් උත්සාහයක් ව්‍යාර්ථ වෙයි!

“කුඩා කාලේ සිටම හැම ළමයෙක්ටම හීනයක් තියනවා විශ්වවිද්‍යාලයට ගිහින් වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න.

‘A’ 4ක් අරගෙන මොරටුව කැම්පස් එකට ගිහින් ඉංජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා, ඒක අවුරුද්දකින් දාලා ඇවිත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කැපවිච්ච කෙනෙක් කන්ටේනරයකට යටකරන්න පුලුවන් කියලා හිතනවානම් අපි ගැන තේරුම් අරගෙන නෑ”

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඇමති බිමල් රත්නායක මහතගේ අමාත්‍යධූරවලින් වරාය ඉවත් කරනු ලැබුවේ ප්‍රශ්නගත කන්ටේනර් 323ක් මුදාහැරීමේ සිදුවීමට සම්බන්ධ නිසාද යන වග ෂානක්කියන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසූවේ මහාමාර්ග සහ නාගරික සංවර්ධන යන විශයන් එකිනෙකට වඩාත් සමීපවීම හේතුවෙන් මෙම නව සශෝධනය සිදුකළ බවයි.

ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත දැවැන්ත සංවර්ධනයන්ට පහසු වන ආකාරයෙන් මෙම නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයන් සිදුකර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka