gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු මැති ඇමති හතළිහකගේ බැංකු ගිණුම් චෙක්කරයි

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී අැති බවයි.

බැංකු ඇතුළු විවිධ ආයතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලාඑමින් තිබෙන බවත් සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර විවිධ පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමති පිරිසක් සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කුප්‍රකට පාතාල නායකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.(ලංකාදීප)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka