gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කජ්ජා ඝාතනය කලේ කුඩු කේස් එකකට බව බැකෝ සමන් වමාරයි

තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම හේතුවෙන් අනුර විදානගමගේ හෙවත් කජ්ජාව ඝාතනය කළ බවට සැකකරු වන බැකෝ සමන්, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදී පිළිගෙන ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයෙන් පසු එහි වගකීම භාර ගැනීමට පිරිසක් මුලින් සූදානමින් සිටියද, ඝාතනයට දරුවන් දෙදෙනෙකුද ගොදුරු වීම හේතුවෙන් කිසිවෙකුත් එම වගකීම භාර නොගත් බවට බැකෝ සමන් ප්‍රකාශ කළ ඇතැයි සදහන්ය.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී බැකෝ සමන් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත.

තවද, කජ්ජාගේ මරණයෙන් පසු තමාට එල්ල විය හැකි චෝදනා වලින් ගැලවීම සඳහා ඔහුගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් තැන්පත් කළ බව බැකෝ සමන් විසින් පිළිගෙන ඇත.

මෙම මුදල් තැන්පත් කිරීම තුළින් කජ්ජාගේ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කළ බව සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, කජ්ජාගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තමන්ට කිසිදු අදහසක් නොතිබූ බව බැකෝ සමන් පවසා ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka