මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව එළඹෙන නොවැම්බර් මස 28වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීරණය කළේය.
එහිදී චූදිත පාර්ශ්වයේ තර්කය වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයන්ට පටහැනිව යන බැවින් හිටපු කැබිනට අමාත්‍යවරියකුට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි.
මහාධිකරණය චූදිත පාර්ශ්වයේ විරෝධය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කළේය.
මහල් නිවාසයක් මිලදී ගැනීමට අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක් සමාගමක් විසින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීමක් කරනු ලැබ තිබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම නඩුව ගොනු කර ඇත.
අධිකරණය මෙම චෝදනාවට අදාළව සාක්ෂි දීමට හය දෙනකු කැඳවා ඇති අතර එම පිරිසට මහා නිවාසය අලෙවි කළ සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක්ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාද ඇතුළත් වෙති.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර සමඟ රජයේ නීතිඥ ඔස්වර්ල් පෙරේරා මහත්වරැද චූදිත පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකූල රත්න සහ රසීක් සාරුක් පෙනී සිටියහ.