gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිස් කිලෝ 700 ගෙනා සනාත් මාලිමාවේ….. අයිස් ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්…. අයිස් අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්…!

පසුගියදා හම්බන්තොට ප්‍රදේශයෙන් අත් අඩංගුවවට ගත් කිලෝ 700කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගය ලංකාවට රැගෙන ආ බවට අත් අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සමීපතම ආධාරකරුවෙකු වන සනත් වීරසිංහ හෙවත් පුවක්දණ්ඩාවේ සනා බව හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

සනත් වීරසිංහ ජනතා විමුක්ති පෙරමුණට අත දිග හැර මුදල් වියදම් කළ එහි ප්‍රබල සාමාජිකයකු බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ අවසාන මහ රැළිය නිමා කර ජනාධිපති අනුර දිසානායක රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගියේ ඔහුගේ නිවසට බවත් විමල් වීරවංශ අනාවරණය කරයි.

මෙයට පෙර සනත් වීරසිංහ අත් අඩංගුවට ගත්ත ද ආණ්ඩුවේ බලපෑම් මත මුදා හැරි බවත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ පීඩනය නිසා නැවත අත් අඩංගුවට ගැනීමට සිදු වූ බවත් පෙන්වා දෙන හිටපු ඇමතිවරයා, ක්ලබ් වසන්ත ඝාතනය කළ කුළී ඝාතකයන්ට වෑන් රථය ලබා දී ඇත්තේ ද සනත් වීරසිංහ බව මේ වන විට හෙළි වී ඇති බවද පෙන්වා දෙයි.

සනත් වීරසිංහට සල්ලි පොම්ප කරන්නේ ඩුබායිහි සිටින උනාකූරුවේ ශාන්ත නම් ප්‍රබල පාතාළ නායකයා බවත් ඔහු අත දිගහැර වියදම් කරන්නේ එම මුදල් බවත් විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව රතු ලේබල් කන්ටේනර් දෙසීය ගණනක් ඇතුළු කන්ටේනර් 309ක් පරික්ෂා නොකර මුදා හැර, ඒවායේ සඟවා රට තුළට ගෙන ආ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පසුගිය ආණ්ඩු සමයේ ගෙන ආ බවට මාධ්‍ය සංදර්ශන කළ ද මෙම අත් අඩංගුවට ගැනීම සමග කුඩු ගෙන එන්නේ ද කුඩු අල්ලන්නේ ද රාජ්‍ය අනුග්‍රහයෙන් බව තහවුරු වන බව ඔහු අවාධාරණය කරයි.

අද (01) මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මේ බව කීය.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka