යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිකරන්නට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ජනාධිපතිවරයා විසින් මුල් ගල් තබා මාසයක් ගත වී ඇතත් ඉන්පසු මේ දක්වා එහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුව නැතැයි වාර්තා වේ. මුල්ගල තැබීමේ උත්සවයට බසයක් පුරා ක්‍රිකට් ආයතන නිලධාරීන් යාපනයට ගොස් තිබෙන අතර එම උත්සවදින හෝ ඉන්පසුව කිසිදු ක්‍රීඩාංගණ ඉදිකිරීම්වලට අදාල නිලධාරියකු හෝ තණ තීරු සකසන්නකු ( Curator ) එහි ගොස් නැතැයි අනාවරණය වේ.
ඉදිරියේ උතුරු ප්‍රදේශයට පතිත වන වර්ෂාව නිසා එම භූමිය වගුරු බිමක් බවට පත්වන බැවින් ඉදිරි මාස දෙක තුනේ එහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීම නොහැකි වනු ඇතැයි තක්සේරු කර තිබේ.
වාර්තාවන පරිදි පසුගියදා පැවති ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී සභාපති වරයා කියා ඇත්තේ එම ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් නොමැති බවය.
එසේ තිබියදී මුල්ගල තැබූ දා ජනාධිපති වරයා විසින් තම කතාව අතර තුර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රිකට් සභාපති වරයා කීවේ මේ වසර අවසාන වීමට පෙර ක්‍රීඩාපිටිය සාදා නිම කරන බවය. වසර තුනකදී එහි ජාත්‍යන්තර තරගයක් පැවැත්විය හැකි මට්ටම දියුණු කරන බවය.
වැසි වසින තුන් තුන් මසකට ආසන්න කාලය තුළ පා එරෙන වගුරක්වූ මේ ලුණු සහිත වැලි බිමේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සකස් කිරීමට දැරිය යුතු පිරිවැය කොතෙක්දැයි ඒ සම්බන්ධව නිශ්චිත ඇස්තමේන්තුවක් සකස් කළ විට පෙනී යනු ඇති බව මේ පිළිබඳ කළ විමසීමක දී ක්‍රිකට් ප්‍රවීනයෙක් ලංකාසරට පැවසීය.
සිදුවෙමින් ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගන සැකසීම නොව, ක්‍රිකට් ආයතනය විසින් රටේ විධායක ජනාධිපතිවරයා ඇන්දවීමත්, තමන් ඇඳගත් බව දැන හෝ නොදැන ජනාධිපතිවරයා යාපනයේ මිනිසුන් ඇන්දවීමත් බව මේ වනවිට පෙනී ගොස් ඇතැයි තතු දත් ආරංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කළේය.