gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුප්‍රීම් සැට් අවුරුදු හතටම ආදායම මිලියන 342යි.. යවන්න කලින් ටෙන්ඩර් කරලත් නෑ – වසන්ත

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ඔස්සේ රටට ලැබුණු ආදායම පිළිබඳ අගමැතිවරියට ලබා දී ඇත්තේ වැරදි තොරතුරු බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

එහි ආදායම රුපියල් දහස්වලින් දක්වා ඉහළින් රුපියල් මිලියන ලෙස සඳහන් කිරීමෙන් මෙම අර්බුදය නිර්මාණය වූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ඔස්සේ වසර 7ක් සඳහා ලැබී ඇත්තේ රු. බිලියන 342ක් නොව රු. මිලියන 342ක් බව ද ඇමති වසන්ත සමරසිංහ සඳහන්කරයි.

ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර ඇත්තේ ලංකාවට ඒ සඳහා ලැබෙන අයිතිය භාවිත කර බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා නොමැතිව අදාළ සමාගමට අත්තනෝමතික ලෙස එම අවස්ථාව ලබා දී ඇති බවත්ය.

දෙරණ 360 වැඩටහනට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka