gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘පද්මේ අයිස්’ නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝ 2000ක් මෙරටට ගෙන්වලා!

හරක් කටා ඝාතනය කර ඔහුගේ කෝටි 900ක දේපොලත් අත්පත් කරගන්නත් හදලා! 

මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්නකරමින් සිටිනා කෙහෙල්බද්දර පද්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වී ඇති කරුණු අනුව ඔහු මෙරටදී ‘ඇයිස්” මත්ද්‍රව්‍ය සෑදීම සඳහා නිෂ්පාදනාගාරයක මූලික කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මූලික රසායනික ද්‍රව්‍ය 2ක් කිලෝග්‍රෑම් 2000ක් පමණ ප්‍රමාණයකින් ඔහු මෙරටට ගෙන්වා ඇති බවද අනාවරණය වී ඇත.

එම නීති විරෝධී රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ ටයිල් කර්මාන්තයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අතර සඟවා බවද පැවසෙයි.

ඒ සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගෙන එහි මූලික කටයුතු වෙනුවෙන් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කොට ඇති බවද විමර්ශණ මගින් හෙළිවී තිබේ.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ විසින් හරක් කටාගේ බිරිඳ සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති අතර හරක් කටා ඝාතනය කර ඔහු සතු රුපියල් කෝටි 900ක පමණ දේපොල අත් පත් කර ගැනීමේ අරමුණින් මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බවද වාර්තා වෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka