gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ අයිස් ෆැක්ට්‍රිය ගැන ආණ්ඩුවට ප්‍රශ්න 07ක්….. උත්තර දුන්නොත් චැනල් එක වහනවා…! – ජවිපෙ හිටපු මන්ත්‍රී

නුවරඑළියේ ඇතැයි කියන අයිස් නිෂ්පාදනාගාරය පිළිබඳ තමා අසන ප්‍රශ්න කිහිපයකට ආණ්ඩුව නිවැරදි උත්තර ලබා දුනහොත් සිය YouTube චැනලය වසා දමන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි.

ඔහු ආණ්ඩුවෙන් විමසා සිටින්නේ පෙර කී අයිස් ෆැක්ට්‍රිය පිළිබඳ ආණ්ඩුවට මුල්ම තොරතුරු ලැබුණේ කවදාද? එම අයිස් ෆැක්ට්‍රියේ ලිපිනය කුමක්ද? එම දේපළෙහි මුල් අයිතිකරු කවුද? අයිස් ෆැක්ට්‍රිය සඳහා මිලට හෝ කුළියට ගත් අය කවුද වැනි සරල ප්‍රශ්න කිහිපයකි. එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම අනිවාර්ය බව ද ඔහු පවසයි.

අනතුරුව ඔහු විමසා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පුතුන් දෙදෙනා පදිංචි වී සිටියේ කාගේ නිවසේ ද? පාස්කු විමර්ශනවලදී ඊබ්‍රාහිම්ගේ ගිණුම්වලට මූලාශ්‍ර හෙළි නොවූ මුදල් ලැබී තිබේද? එකල ඔහුගේ නිවසේ සිටි මෙහෙකාරිය අතුරුදන්ව තිබේද? ඊබ්‍රාහිම් ඔබේ පක්ෂයේ කවුද? සිය පුතුන් දෙදෙනා සම්බන්ධ වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු නිසා ඊට සිය පක්ෂය වගකිව යුතු ද? යන ප්‍රශ්න පහකි. එම අවසාන ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු ලබා දීම ප්‍රමණවත් බව ද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.

සියලු විමර්ශන සිදුකර අවශ්‍ය තරම් කාලය ගෙන මෙම ප්‍රශ්නවලට ආණ්ඩුව නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ නම් සිය YouTube වසා දමන බව වරුණ රාජපක්ෂ අවධාරණය කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka