gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ රටට ලොකුම හානිය කළේ ඊර්ෂ්‍යාවෙන් පිරුණු වෛරී දේශපාලනයයි…! – දිලිත් ජයවීර

සර්ව ජන බල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබා දී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

“ආණ්ඩුව 74 වසරෙන් අවුරුදු 50කට වැඩිය කරලා තියෙන්නේ මේ රටට සෘණාත්මක මානසිකත්වයක්. එකතු කිරීම. ඒක තමයි කරපු ලොකුම හානිය. මම කියන්නේ නෑ හිටපු ආණ්ඩු ඔක්කම හොඳට කරා කියලා. මම දිගින් දිගටම ඒක කථා කරපු කෙනෙක්.

මම කියනවා 77න් පස්සේ ලංකාවේ දේශපාලනය දුෂණයට ලක් වුණා. දේශපාලඥයන් දූෂිත පුද්ගලයන් බවට පත් වුණා. ඊටත් වඩා නරක නිවට, නියාලු, කුහක, ඉරිසියාවෙන් පිරුණු, වෛරයෙන් පිරුණු, උද්දච්චකමත් ඒකට එකතු වුණ මේ දේශපාලනය ඊට වඩා විශාල හානියක් මහ පොළවේ කරනවා.

එයින් කවුරුත් ගොඩ එන්නේ නෑ. ඒක නිසා මේකට විසඳුමක් මේ රටේ අහිංසක ජනතාවට අයිති විය යුතු යැයි විශ්වාස කරන කණ්ඩායමක් හැටියටයි අපි අපේ කාලය ගැනවත්, වෙනත් ජීවිතයේ අවස්ථාවන් ගැනවත් නොසලකා මෙහෙම ගමින් ගමට යන්නේ. ඒ විශ්වාසය ඇතුව ඔබගේ මනසේ තියන ආකල්ප නැති කරලා. ඔබට නැගිටින්නට පුළුවන් ඔබගේ ස්වශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න. ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කරලා, ඔබගේ මනසට නිර්මාණශීලිත්ව දීලා, මේ ව්‍යවසායකත්වය මනසට ඔබව දීලා, ඔබවත් එකතු කරගෙන ගමනක් යන්න ඕන.විශේෂයෙන්ම අප මේ කථා කරන සංකල්පය ආණ්ඩුව අරන් කරන්න හදන වැඩක් නෙවෙයි මේ සර්ව ජන සභා කියන්නේ යනුවෙන් පැවසිය.

දිලිත් ජයවීර ඒ බව කියා සිටියේ ලක්ෂපාන ප්‍රදේශයේ සර්වජන බලය රැස්වීම් කිහිපයකට එක් වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka