gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගොං කතා කියන්න එපා” - නිල නොවන ජනාධිපතිට කට වහගන්නැයි පොහොට්ටුවෙන් දැනුම් දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ කුට්ටියාරච්චි මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් පක්ෂය තුළ සැලකිය යුතු නොසන්සුන්තාවයක් ඇතිවීම නිසාය.

මෙම සිදුවීම පක්ෂ නායකත්වය වෙතින් දැඩි අභ්‍යන්තර ප්‍රතිචාරයක් ලැබීමට ද හේතු වී ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු තමන් නිල නොවන ජනාධිපති යයි තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේය.

එම ප්‍රකාශය සමාජ ජාලවල දැඩි උපහාසයට ලක් විය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka