gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාව සජබෙන් ගැලෙව්වේ උඩ ඉන්න දෙයියෝ… දැන් මං හොද අවබෝදයෙන් දේශපාලනය කරන්නේ - සරත් ෆොන්සේකා

මේ වන විට සමඟි ජන බලවේගයට සිදුව ඇති දේ දුටු විට තමන් උඩ ඉන්න දෙවියෙක් විසින් බේරා ගෙන ඇතැයි සිතෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

“ප්‍රබල දේශපාලන පක්ෂවලින් මම ගැලවෙනකොට හුඟක් අය හිතුවා මම දේශපාලන අනාථයෙක්. මම එම දේශපාලනය තේරුම් ගන්න බැරුව කරන වැඩක් තමයි කියල. අද සජබේ හිටියා නම් මම දෙවෙනියා හැටියට ඉන්නේ. ඒ විපක්ෂයට අත්වෙලා තියෙන ඉරණම, මේ වෙලාවේ ඒගොල්ලෝ කරන දේවල දකිනකොට මට හිතෙනවා මේ රට ආරක්ෂා කරන දෙවියෙක් හරි කවුරුහරි, මම ව්ශ්වාස කරනවා උඩ ඉන්න කවුරුහරි මව බේරාගත්තා කියල.

එහෙම ඇදල දාපු නිසා තමයි අද මට මෙතන කකුල් දෙකෙන් හිටගෙන හිතට එකඟව ජනතාවගේ මුණූ බලාගෙන කතාකරන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් මමත් මේ දවස්වල උසාවි ගානේ ගිහින් උද්ඝෝෂණ කර කර ඉන්න ඕනේ. එහෙම නැත්නම් එක එක දේවල්වලට අහුවෙලා මාංචු දාගන්න වුණ අය යන යන තැන්වල ගිහින් හිටගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ වෙනුවෙන් වොයිස් කට් දෙන්න ඕනේ.

දැන් මට එහෙම කරුමයක් නෑ. මම හිතට එකඟව රට ගැන හිතල, ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරනවා. විවෘත මනසකින් ඉදිරිය ගැන හොඳ අවබෝධයක් ඇතුව මම මේ වෙලාවේ දේශපාලනය කරනවා.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka