gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒ නංගි හරි හොඳයි… අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න කාලේ…. එයත් අවුල් වුනා අනුර කුමාර මහත්තයාගේ කඳවුරට ගියාට පස්සේ…” – සංජීව

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන්ම හඬ නගන සංජීව එදිරිමාන්න ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන නිලන්ති කොට්හච්චි සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශයක් සිදු කරනවා.

ඔවුන් මාධ්‍ය ක්ෂේත්‍රයේ එකට වැඩ කරපු පුද්ගලයන්.මේ වන විට දේශපාලනය නිසා තමයි මේ විදිහට දෙපැත්තෙ ඉන්නෙ.ඉතින් පවතින රජයේ ක්‍රියා කලාපය සහ ඇය ඇයගේ රජය බලයට පත් කිරීමට ප්‍රථම මහින්ද රාජපක්ෂලා උගන්ඩාවෙව් සල්ලි හංගලා තියෙනවා කියූ ප්‍රකාශයත් මතක් කරමින් සංජීව කීවේ මේ වගේ කතාවක්,

“මිනිස්සු උගන්නාවූ සල්ලි ගැනත් අහනවා. කෝ දැන් ගෙනාවද කියලා අහනවා.ඒ නංගි හරි හොඳයි. අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න කාලේ. එයත් අවුල් වුනා අනුර කුමාර මහත්තයාගේ කඳවුරට ගියාට පස්සේ. අද උදේ නැන්දා කෙනෙක්ගෙන් අපි අහපුවහම කාටද දුන්නේ කියලා මාලිමාවට කිව්වා.

ඇයි කියලා අහපුහාම කොහෙද සල්ලි වගයක් තියෙනවා ඒක ගෙනල්ලා අපිව පෝසත් කරන්නම් කියපු නිසාලු දුන්නේ. මිනිහෙක්ට එහෙම දෙයක් හිතෙන එක වෙන්න පුළුවන්.වෙළඳ ප්‍රචාරක උපක්‍රමයක් තමයි මේ විදිහට ජාතික ජන බලවේගය භාවිතා කරේ.

ඒ කියන කතාව පිළිගන්න හිතන විදිහටම ඒගොල්ලො කිව්වා.ඒකට රැවටුනා නෙමෙයි ඒක විශ්වාස කරා.ඒ විශ්වාසය බිඳපු මනුස්සයෙක් ගැන ඇතිවන තරහා අපි මේ ආණ්ඩුව ගැන ඇති කරගත යුතු නැද්ද කියලා මම අහන්න කැමතියි.”

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka