gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිස් හදන ද්‍රව්‍ය වලදැමූ පොහොට්ටු හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරිය පලා යයි – අත්අඩංගුවට ගන්න පරික්ෂණ අරඹයි!

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක තොගය අද (සැප්තැම්බර් 06) රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

ඊයේ සොයාගත් මෙම රසායනික ද්‍රව්‍ය තොගය, වැඩිදුර විමර්ශන සඳහා අද දිනයේ මිද්දෙණිය පොලීසිය වෙත භාර දීමට නියමිතය.

අදාළ රසායනික ද්‍රව්‍ය තොගය හමු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරී නැමැති අයගේ ඉඩමකිනි. පොලීසිය පවසන්නේ සම්පත් මනම්පේරී, “බැකෝ සමන්” නැමැති අපරාධ කණ්ඩායම් සාමාජිකයා සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සමීප සබඳතා පවත්වා ඇති බවයි. “බැකෝ සමන්” මෙරටට පැමිණි දින සිට සම්පත් මනම්පේරී ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka