පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ පැවති සබඳතා හෙළිකර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත.
බැකෝ සමන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම හා ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇත.
තවද කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා තමන් විසින් ලබාදුන් ගිනිඅවි යොදාගෙන ඇති බවට සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සම්පත් මනම්පේරි හිටපු අමාත්‍යවරුන් සමග සමීප සබදතා පවත්වා ඇති බවට සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.