gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්ටේනර් 323ට මොකද උනේ...? අවසානේ ජනපතිම ඇත්ත හෙළි කරයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (28) පෙරවරුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

එහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් අවස්ථාවේදී පසුගිය දිනවල විපක්ෂය විසින් දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා එල්ල කළ රතු ලේබල් යටතේ මුදා හැර ඇති බව පැවසෙන කන්ටේනර් 323ක සිදුවීම සහ එහි මිමර්ශන ක්‍රියාවලිය පිළිබඳවද ප්‍රශ්නයක් යොමු විය.

ඊට පිළිතුරු දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එහි විමර්ශනය මෙතෙක් අවසන් වී නොමැති බවයි.

එමෙන්ම එම ක්‍රියාවලිය ජාතික ජන බලවේගය බලයට පත්වීමට මාස 7ක පෙර ආරම්භ කර ඇති ක්‍රියාවලියක් බවත් තදබදය අවම කිරීම සඳහා පත්කරගත් කමිටුවක නිර්දේශයෙන් පසු අවස්ථා 13කදී එලෙස කන්ටේනර් නිදහස් කර ඇති බවයි.

කන්ටේනර් 323ක් පිට කිරීම එහි 13වන අවස්ථාව බව පැවසූ ජනාධිපතිවරයා අමාත්‍යවරයා ඊට සම්බන්ධ බවට සිදු චෝදනාව සාවද්‍ය බවද සඳහන් කළා.

එමෙන්ම මිද්දෙනියේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දෙක පරීක්ෂා කිරීමෙන් පසු නිෂ්කාශනය කර ඇති කන්ටේනර් දෙකක් බව පැවසූ ජනාධිපතිවරයා පරීක්ෂා කළ සහ නොකළ දෙවර්ගයේම ගැටළු පවතින බවද සඳහන් කළා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka