දෙහිවල පිහිටි ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව නම් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (26) ප්‍රතික්ෂේප කළේය.
පැමිණිල්ලේ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේය.
මේ වන ව්ට ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ෂන අංශයෙන් විමර්ෂනයක් සිදු කෙරෙමින් පවතින බවත් එම විමර්ෂනයට අදාළව උදෘත නීතිපතිවරයා වෙත යවා මෙම නඩුවට අදාළව උපදෙස් ලබා ගැනීමට පියවර ලබා ගෙන ඇති බවත් මහේස්ත්‍රාත්වරයා නියෝගය මගින් සඳහන් කළේය.
සැප්තැම්බර් 24 වැනි දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු චෝදනා කර තිබුණේ, ඉහත සඳහන් අමාත්‍යවරුන්ව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් දුන් මහේස්ත්‍රාත්වරියක මාරු කර යැවීමට කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබා දී නොමැති බවත් මෙම නඩුවේ සැකකරුවන් ලෙස හෝ එම අමාත්‍යවරුන් නම් කළ නොමැති බවත් අධිකරණයේදි හෙළි වුණා.
එවැනි අවස්ථාවක විමර්ෂන අතරතුර නීතිපතිවරයාගෙ උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට එම කාරණය නතර කිරීමට හෝ අභිබවා නියෝගයක් ලබාදීමට හැකියාවක් නොමැති බව පෙන්වාදුන්නා.
විමර්ෂන නිලධාරීන්ට මෙම සිද්ධියට අදාළව දේපල සම්බන්ධයෙන් අපරාධයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සැකයක් මතුවී නොමැති අවස්ථාවක නීතිපතිවරයාගෙ උපදෙස් ලබාගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝගය මගින් සඳහන් කළා.
එබැවින් ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහින්ද ජයසිංහ සහ රංජන් ජයලාල් යන අයව සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ ඉල්ලීම ප්‍රතික්ශේප කරන බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.
මෙම නඩුව පෙබරවාරි මස 27 වන දින නැවත කැඳවීමට නියමිතයි.