gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාදඩ කෙහෙළියගේ ලක්ෂ දෙකේ ෆෝන් බිල රාජ්‍ය මුදලින් ගෙවූ ලොක්කා කිඹුල් කඳුලු හලයි!

සිය පුද්ගලික ජංගම දුරකථන බිලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී පෙරේදා (25) පැවැත්විණි.

මහාධිකරණ විනිසුරු එම්. එම්. මොහොමඩ් විහාර් මහතා ඉදිරියේය මෙම නඩුව කැඳවිනි.

සිද්ධිය වන අවස්ථාවේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ නිලධාරියා නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් දෙවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටියේය.

ඔහු අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නේය.

එවකට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අනූනවයයි ශත හතළිස් පහක (230,999.45) පුද්ගලික දුරකථන බිලක් සංස්ථා මුදලින් ගෙවන ලෙසට ඉල්ලීමක් ලැබුණු බව එහිදී ඔහු අධිකරණයට හෙළිදරව් කළේ,

මෙම ඉල්ලීම සිදුකර තිබුණේ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් ජයවර්ධන නැමැත්තෙකු විසින් බවත්, එම ඉල්ලීම පළමු විත්තිකරු වන එවකට සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා තමා වෙත යොමු කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

සංස්ථාවේ මුදලින් එම බිල ගෙවීමට නොහැකි බව තමා දැනුම් දුන් නමුත්, ඉහළ නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගනිමින් සේවය කිරීමට ඇති අපහසුව නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පසුව ලබා ගැනීමේ එකඟතාව මත එම බිල්පත ගෙවීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

පළමු විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ද, දෙවැනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ද ලේඛන කිහිපයක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසූහ. කෙසේ වෙතත්,

අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නැවත ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු හෙළිකළේ, අදාළ දුරකථන බිල ගෙවීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවූයේ, බිල ගෙවා මාස තුනක කාලයක් ගතවීමෙන් අනතුරුව බවයි.

මෙහිදී වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 9 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ විනිසුරුවරයා, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වෙත සිතාසි නිකුත් කරන ලෙස නියම කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka