gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි මරන්න බය නෑ... මැරෙන්නත් බය නෑ... හමුදාව පොලිසිය අපේ අතේ... ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි - රන්ජන් ජයලාල් විදුලි විරෝධතාකරුවන් අමතයි!

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අතර, එම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් දැඩි උණුසුම් දුරකථන සංවාදයක හඩ පටයක් සමාජ ජාලවල හුවමාරැ වේ.

වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ඉතා ආවේගශීලී ප්‍රකාශ සිදු කර ඇත. ඔහු කිහිප වරක්ම “මැරෙන්න බයත් නෑ, මරන්න බයත් නෑ” යනුවෙන් අවධාරණය කළ අතර, “හමුදාව පොලිසිය අපේ අතේ. අපි ජීවිතේට ආණ්ඩුව දෙන්නේ නෑ. ගත්තෙ දෙන්න නෙමෙයි” යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.

ඔහු තවදුරටත්, “ජීවිතේ මේ ගත්තේ විකුණන්නත් නෙමෙයි, ආයි දෙන්නත් නෙමෙයි” යනුවෙන් පවසමින් තමා කිසිවක් පාවා නොදුන් බවත්, ලබාගත් බලය නැවත නොදෙන බවත් පවසයි. තමන් කිසිදු මුදලකට යටත් නොවූ බවද ඔහු අවධාරණය කළේය. තමන්ට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්, “අපි දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ” යැයි ප්‍රකාශ කළ ජයලාල් මහතා, තමන් කිසිවකුටත් බිය නොවන බව හැඟවීය.

ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අවස්ථාවේ “නගරාධිපතිවරයෙකුට කුමන නීතිමය ක්‍රියාමාර්ගද” යනුවෙන් ඔහු ප්‍රතිචාර දැක්වීය. “විදුලිබල මණ්ඩලය විකුණා ඇති” බවට එල්ල වූ චෝදනාවට, “කවුද කියන්නේ වික්කා කියලා?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

අනෙක් අතට, වෘත්තීය සමිති නායකයා රන්ජන් ජයලාල් මහතාට එරෙහිව බරපතල චෝදනා කිහිපයක් එල්ල කළේය. “දරුවන්ට කන්න දීමට” මුදල් වෙනුවෙන් පාවා දීම් කළ බවත්, සල්ලිවලට “නැමුණු” බවත් ඔහු චෝදනා කළේය. එසේම, “රුපියල් පන්සියය බැගින්” එකතු කර දුන් මුදලින් ජයලාල් මහතා පළමුවෙන්ම වාහනයක් මිලදී ගත් බවටද ඔහු චෝදනා කළේය.

මෙම නායකයා රන්ජන් ජයලාල් මහතාව “ද්‍රෝහියෙක්” ලෙස හැඳින්වූ අතර, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අභියෝග කළේය. “ඔබලා කොහෙද හිටියේ පහුගිය දවස් වල ආපු ඔක්කොම” යනුවෙන් ප්‍රශ්න කරමින්, පසුගිය විරෝධතා වලදී රන්ජන් ජයලාල් මහතාගේ දායකත්වය ප්‍රශ්න කළේය

ජයලාල් මහතා “ආණ්ඩු තියාගෙන ඉන්න හමුදාව පොලිසිය අපේ අතේ තියෙන්නේ” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

සංවාදය අවසානයේදී, ජයලාල් මහතා ඔහු ගේ නිවසට පැමිණ හමුවන බවට පැවසූ අතර, සියලුම සංවාදය පටිගත කර ඇති බවද කියා සිටියේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka