රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (09) දින උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.