ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයෙකු නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.
පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ලැයිස්තුවට නම් කරන්නේ පක්ෂ සාමාජිකයන්ම නොවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ මිද්දෙණියේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද‍්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවක් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු එම පක්ෂයෙන් ඉවත් කළ ද, මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් නොකළේ මන්දැයි විපක්ෂය විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
මොහොමඩ් ඊබ්‍රහීම් මහතා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කර ඇත.
ඔහු 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වේ.
එම ප්‍රහාර සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඔහුට මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති අතර, ඇප මත මුදා හැර සිටියි.