තංගල්ල ප්‍රදේශයේ දිගින් දිගටම විශාල ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් වීදි බැස උද්ඝෝෂන කිරීම් ආරම්භ වී තිබේ.
විරෝධතාවට එක්ව සිටි ජනතාව සහ භික්ෂූන් වහන්සේලා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාලය සඳහා රාජපක්ෂවරු සම්බන්ධ බවයි.
ප්‍රදේශයේ ජනතාව පවසා සිටියේ මෙම මත්ද්‍රව්‍ය උවදුරට ප්‍රදේශයේ දරුවන් විශාල වශයෙන් ගොදුරු වී ඇති බවයි.