gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ කුළුණෙන් අනුර වැඩ ගනී!

වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස් මහතා පවසයි.

පිරිවැය අඩුකර ගනිමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම හරහා මෙම ලාභය අත්කර ගැනීමට හැකිවූ බව ඔහු මාධ්‍ය වෙත පැවසීය.

කොළඹ නෙළුම් කුළුණ මගින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) එම පරිශ්‍රයේදී පැවැත්වූ අවස්තාවේදී මෙම කරුණු නාවරණය කළේය.

එමෙන්ම රුපියල් මිලියන 1000ක් දක්වා වසරක ලාභය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය

එම ආයතනය නෙළුම් කුළුණ භාර ගැනීමට ප්‍රථම දැවැන්ත අනතුරු ප්‍රමාණයක් සිදුව ඇති අතර, එම නිසා එහි ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇති බවද එම හමුවේදී ඔවුන් පෙන්වා දුන්නේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka