gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තංගල්ල රෝහලේ දී මියගියේ කුඩු ලොරියේ හිමිකරු!

සීනිමෝදර හෙරොයින් සිද්ධියට අදාළව තංගල්ල රෝහලේ දී මියගොස් ඇත්තේ එම මත්ද්‍රව්‍ය සහිත ලොරියේ හිමිකරු වන තුසිත් වෙනුර කුමාර යන අය බව පොලිසිය කියයි.

මෙම ලොරිය නවතා තිබුණේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අළුත් වැඩියා කරමින් තිබූ පැරණි නිවෙසක් අසලය.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (22) අළුයම සීනිමෝදර නිවෙසේ තිබී සොයාගෙන ඇති අනෙක් පුද්ගලයා වන ලොරි රථයේ හිමිකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

අදාළ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ මොවුන් රැදී සිටි සිනීමෝදර නිවෙස අසළ තිබියදී වන අතර, එතුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් සොයාගත් බවද පොලිසිය පවසනවා.

මොවුන් තිදෙනා තවත් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමකට සහාය වන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කරනවා. 

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව, ලන්දෙවත්ත, ලිපිනයේ පදිංචිව සිටි සුවඳහැන්නදිගේ තුසිත් වෙනුර කුමාර (අවු 50), අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ අම්බලන්තොට, ලුණම මණ්ඩගල පාරේ පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන තිදෙනායි.  
           
සිනීමෝදර නිවස අසල තිබූ ලොරි රථය මෙම තිදෙනාගෙන් තුසිත් වෙනුර කුමාර නමැති අයට අයත් වූ අතර ඔහු තංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කළ අයකු බවද පොලිසිය පවසනවා.

ඔහු සීනිමෝදර ප්‍රදේශයේ විදේශිකයකුට අයත් ඉඩමක් වටා තාප්පයක් බැදීමට කටයුතු කර තිබූ අතර, පෙරේදා (21) සවස සේවය නිමාවී සීනිමෝදර යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

පසුව රාත්‍රි නිවසට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට ගැස්ට්‍රයිටිස් සැදී අමාරු බව පවසා ඇති බවත්, ඒ අනුව ඔහුගේ පුතකු යතුරුපැදියකින්  සීනිමෝදර පියා සිටි නිවෙස අසළට ගොස් ඔහු තංගල්ල නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන විත් ඇති බවත් පොලිසිය පවසනවා. පසුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට එතරම් බරපතළ අසනීපයක් නැති බව පවසා ප්‍රතිකාර ලබාදී නිවෙසට පිටත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිවසේ සිටියදී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර නිවෙසට ලැබුණු දුරකථන ඇමතුමකින් සීනිමෝදර නිවස අසල දමා ආ ඔවුන්ගේ ලොරිය වහා එතැනින් ඉවත් කරගෙන යන ලෙස දන්වා තිබූ බවද වාර්තා වෙයි.
ඒ අනුව මියගිය අයගේ පුතුන් දෙදෙනෙකු යතුරුපැදියකින් සීනිමෝදර අදාළ නිවෙස අසලට ගොස් එම නිවෙස පරීක්ෂා කිරීමේදී එතුළ වැටී සිටි මියගිය දෙදෙනෙකු දැක ඇතැයි පොලිසිය පවසනවා.

පසුව එතැනට පැමිණි පිරිසක් ඔවුන්ට පහරදී පලවා හැර ඇති අතර ඔවුන් මාර්ගයේ දිවවිත් ත්‍රිරෝද රියක නැගී තංගල්ල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව දැනුම්වත් කර තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පුතුන් දෙදෙනා ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය තිදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමෙන් පසු මියගිය හේතුව අනාවරණය කරගැනීමට හැකි බවද පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

මේ අතර තංගල්ල කඳුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය සහ ගිණිඅවි සොයාගත් බවද පොලිසිය පවසනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 86 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් රිවෝල්වර 05 ක් සහ ටී 56 ගිණිඅවියක් එම ලොරිය තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka