gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂගේ, ගුවන් ගනුදෙනුවක් එළියට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ,යුද හමුදා සෙබළු සමග එකතු වී කරන ලද,රුපියල් ලක්ෂ 251 ක පමණ,ප්‍රබල මූල්‍ය ගනුදෙනුවක කරුණු අනාවරණය වෙයි.

එම සෙබලා වන්නේ,ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබලකු වන, W.J.R.ඥානසිරිය. ඔහුගේ සෙබල අංකය, S / 553862 ලෙස සඳහන්වේ.

නාමල් රාජපක්ෂ,යෝෂිත රාජපක්ෂ සහ එම සෙබළා අතර සිදුවී ඇති මුදල් ගනුදෙනුවේ ස්වභාවය මෙසේය.

එනම්,නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා වලින් විවිධ පුද්ගලික සංචාරවල නියැළී ඇත.

ඒ සියල්ල සිදුවී ඇත්තේ,මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන කාලවකවානුව තුළය.

නමුත් එම ගුවන් ගමන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ හෝ යෝෂිත රාජපක්ෂ සත පහක මුදලක් ගුවන් හමුදාවට ගෙවා නැත.පොල්ල තියා කට්ටි පනිමින් සිට ඇත.

මෙම මුදල් ගෙවන ලෙස,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළි ටුවර්ස් වාණිජ ගුවන් අංශයේ ගණකාධිකාරී තුවාන් මොහොමඩ් ෂාම්,නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත.එයින් ද පල ප්‍රයෝජනයක් අත් වී නැත.

එහෙත් ආණ්ඩු පෙරළියක් සමග නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ,එම ගුවන් ගමන් වෙනුවෙන්,ගුවන් හමුදාවට නොගෙවා පැහැර හැර තිබූ,රුපියල් 20,503,476.07 ක,මුදල ගෙවා ඇත.

එම මුදල් ගෙවා ඇත්තේ,නාමල් රාජපක්ෂ හෝ යෝෂිත රාජපක්ෂ නොව,ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු වන W.J.R.ඥානසිරිය.එය බරපතළ ප්‍රශ්නකාරී ගැටලුවකි.
එනම්,නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂගේ එම මුදල්,මෙම සෙබළා ගෙව්වේ ඇයි.? ඔහු නොවුන්,අතර තිබෙන සම්බන්ධය කුමක්ද.? 

නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ,හොර ගනුදෙනු හරහා උපයන ලද,දූෂිත මුදල් මෙම සෙබළා සතුව තිබෙනවාද යන සැකයක් මේ තුළින් ඉස්මතු වනු ඇත.
එසේ නොවේ නම්,රුපියල් 20,503,476.07 ක්, තරම් අති විශාල මුදලක්,එම සෙබලාගේ නමින්,මේ මුදල්,ගුවන් හමුදාවට ගෙව්වේ ඇයි ? එම සෙබළාට මෙම මුදල් ලැබුණේ කෙසේද.?

තමන් විසින් ගෙවිය යුතු මුදලක්,එනම්,නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ,ගුවන් හමුදාවට ගෙවිය යුතු වුවත්,එසේ නොවී,මේ ආකාරයට හමුදා සෙබළෙකුගේ මාර්ගයෙන් එය සිදුවීම බරපතල සැකයට තුඩුදෙන කරුණකි.

යම් හෙයකින් නාමල් රාජපක්ෂ හෝ යෝෂිත රාජපක්ෂ සතු මුදල්,මෙම සෙබළාගේ මාර්ගයෙන්,එම බිල්පත් පියවීමට පියවර ගත්තේ නම්,රුපියල් ලක්ෂ 251 ක,පමණ මෙම මුදල රාජපක්ෂ සහෝදරවරුන්ට ලැබුණේ කෙසේද යන්න විමර්ශනය කළ යුතුය.
එබැවින් මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් පැවැත්වීම ඉතා වැදගත්ය.

නාමල් රාජපක්ෂගේ වත්කම් බැරකම් ලේඛන වලට අනුව,මෙම මුදල් සටහන් වී තිබේද යන්නත් පරීක්ෂාවට භාජනය කළ යුතුය.

සටහන ;- ශ්‍රී ලාල් ප්‍රියන්ත.
FB : ethalayanews.com
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka