පාකිස්ථානයේ බලොචිස්තාන් පළාතේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ ප්‍රහාර තුනක් සිදුව ඇත.
එම බෝම්බ ප්‍රහාරවලින් 25 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට බලධාරීන් සඳහන් කරයි.
බලොචිස්තාන් ජාතික පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් එම රැළියට එක්ව සිට ඇති අතර පක්ෂයේ ප්‍රධානී අක්තාර් මෙන්ගල් කතා කිරීම අවසන් කර පිටව යමින් සිටියදී එම ප්‍රහාර සිදුව ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාර තුනෙන් එක් ප්‍රහාරයක් සිදුකර තිබූ අතර ක්වෙටාහී ක්‍රීඩාංගණයක වාහන නැවැත්වීමේ අංගනයේ එහ පිපිරීම සිදුව ඇත.