gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිස් බඩු හමුවූ මන්ත‍්‍රී සහෝදරී මානව හිමිකම් යයි... දේශපාලන පලිගැනීමක් කියයි

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම සහෝදරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) අත්තනෝමතික ලෙස කටයුතු කළ බවත්, එය දේශපාලන පළිගැනීමක් බවයි.

එමෙන්ම තම සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී එම නිලධාරීන් තම පවුලේ සාමාජිකයින්ට, අසභ්‍ය වචනවලින් බැණ වදිමින් දැඩි අපහසුතාවයට පත් කළ බවද මෙම මන්ත්‍රී දෙපළගේ සහෝදරිය චෝදනා කලාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම දරුවන්ගේ මානසිකත්වයට බරපතළ හානි සිදුවී ඇති බවත් පෙන්වාදුන් ඇය කියා සිටියේ , මානසිකව වැටී සිටින තම දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වැරදිකරු කවුදැයි නොදන්වා කිසිඳු හේතුවක් නොමැතිව තම සහෝදරයා වන හිටපු මන්ත්‍රී පියල් සේනාධීරව ඇඹිලිපිටිය පොලිසියෙන් රැගෙන ගොස් මේ වන විට මිද්දෙණිය පොලිසියේ රඳවා සිටින බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, තම සහෝදරයින් දෙදෙනා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවයි.

“හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න. ඒකයි මන් මේ ආවේ. අපිට සහනයක් ලබාදෙන්න මේකෙන්. සාධාරණ සහනයක්. හේතුවක් කියන්නෙ නැතුව මල්ලිලව අරගෙන ගහනවා. පොලිස් නිලධාරීන් හරියට අසභ්‍ය වචනවලින් කතාකරනව මගෙ නන්ගිට, නෑනට, හොඳටම බැනල අපහස කරනවා. ගොඩාක් සෙනඟ මැද්දෙන් STF එකෙන් ඇවිල්ලා, පොලීසිය ඇවිල්ලා ගේ ඉස්සරහ නතර කරනකොට අපි කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ.

මගෙ දරුවෝ හොඳ පාසල්වලට යන්නෙ. අද මානසිකව වැටිලා බයේ කෑගහනවා. ඉස්කෝලෙ ගියෙ නැහැ. තාත්තව අරගෙන ගියෙ ඇයි කියලා අඬනවා. අපිට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඇඹිලිපිටිය පොලීසියෙන් අරගෙන ගිහින්. දැන් මිද්දෙණිය පොලිසියෙ තියන් ඉන්නෙ. හේතුවක් කියන්න ඕනෙ..වැරදිකාරයා කවුද, මේකෙ නීතියක් තියෙන්න එපැයි.

ගෙදරට ආවා ඇවිල්ලා මල්ලිව අත්අඩංගුවට ගත්තා. අයියා බාර දෙන්න කියනවා. අවශ්‍ය කෙනා නැතුව, පවුල්වල නෑදැයින්ගේ නෑදෑයින්ගේ කට්ටිය අල්ලලා මොකක්ද මේ කරන්නේ? මගේ අයියා සම්පත් මනම්පේරි. මගෙ දරුවෝ කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ. මගේ අයියා සම්පත් මනම්පේරි. මගෙ මල්ලි පියල් සේනාධීර. බදාදා අරන් තියෙන්නෙ. කිසිම හේතුවක් නැතුව අරන් ගිහින් ගහනවා. ඒක නිසයි පැමිණිල්ල දාන්න ආවෙ. මේක දේශපාලන පළිගැනීමක්. එයාලා පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්. ඒකයි මෙ පළිගන්නෙ”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka