gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලයට – කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගසා ඇති බව හෙළි වෙයි!

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. 

පැවැති ආණ්ඩු­වල සිටි මැති – ඇමැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු මෙන්ම ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු ගැන බොහෝ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් හෙළි­කර තිබිණි. ඒ බව පොලී­සිය නිල වශ­යෙන් ද විටින් විට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක හරහා ද මාධ්‍යට ලබා­දු­න්නේය. මාක­ඳුරේ මධූෂ්ට ඩුබා­යිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශ­යෙන් දේපොල ඇති බව ද පොලී­සිය එකල නිල වශ­යෙන් මාධ්‍ය හමුවේ සඳ­හන් කළේය. එම දේපොළ අත්පත් කර­ගැ­නී­මක් හෝ සොයා ගැනී­මක් ගැන පොලී­සිය පසුව හෙළි නොක­ළේය. මධූෂ්ගේ ඝාත­න­යත් සමඟ එම දේපො­ළ­ව­ලට වූ දෙයක් සොයා ගන්න­ට­වත් නැත.

මත්කුඩු ජාවා­ර­මට මහා පරි­මා­ණ­යෙන් සම්බ­න්ධව සිටි බස්නා­හිර පළාතේ දේශ­පා­ල­න­ඥ­යෙක් ගැන පවා මාක­ඳුරේ මධුෂ් දීර්ඝ හෙළි­ද­ර­ව්වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කර තිබිණි. එම දේශ­පා­ල­න­ඥයා නගර සභා­වෙන් පළාත් සභා­ව­ටත් එතැ­නින් පාර්ලි­මේ­න්තු­ව­ටත් පැමිණ පසුව රාජ්‍ය ඇමැති ධුර­යක් ද දැරූ­වෙකි. මෙම දේශ­පා­ල­න­ඥයා ඇතුළු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­ක­රනු ලැබූ දේශ­පා­ල­න­ඥ­යන් රැසක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටි­යත් එකල පැවැති යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ එම විම­ර්ශන ඇන­හි­ටිණි. ඊට ප්‍රධාන වශ­යෙන් මුල් වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නීන් ස්ථාන මාරු ලැබී­මය.

එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස රාජ­කා­රියේ නිර­තව සිටියේ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස එකල සේවයේ නිර­තව සිටියේ අද­ටත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර මහ­තාය.

මැති­ව­ර­ණ­ව­ලට ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ට මුදල් විය­දම් කළ ආකා­ර­යත්, ගොඩ­නැ­ඟිලි ලබා­දුන් ආකා­ර­යත්, ව්‍යාපාර ආරම්භ කිරී­මට සහ­යෝ­ගය දුන් අයු­රුත්, මත්කුඩු ජාලයේ කළු සල්ලි දේශ­පා­ල­න­ඥ­යන් මඟින් සුදු කළ අයු­රුත් මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබිණි.

මාක­ඳුරේ මධූෂ් ඩුබායි සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙ­ය­ව­න්නට වූයේ පාතා­ලයේ ගෝඩ්ෆා­දර් බවට පත්වෙ­මිනි. එහි දී ඔහුට දේශ­පා­ල­න­ඥ­යන් විශාල පිරි­ස­කගේ සහය පවා ඊට ලැබී තිබිණි. ඔහු විසින් මුදල් ආයෝ­ජ­නය කළ වාහන කුලී ආය­ත­න­යක් එකල විවෘත කෙරන්නේ ද අග­මැ­ති­ව­ර­යෙක්ගේ ප්‍රධා­න­ත්ව­යෙනි. ඒ පිටු­පස සිටියේ මාක­ඳුරේ මධූෂ්ගේ කළු සල්ලි­ව­ලින් යැපුණු දේශ­පා­ල­න­ඥ­යෙක් බව බුද්ධි අංශ හෙළි­කර තිබිණි. මේ දේවල් සිදු­වන්නේ මධුෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට ගන්නට පෙරය.

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් අතර ඇතිවූ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස මාක­ඳුරේ මධූෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට පත්වන්නේ 2019 වසරේ පෙබ­ර­වාරි 05 වැනි­දාය. ඒ, සිය දිය­ණි­යගේ උපන් දින සාදය පැවැති හෝට­ලය තුළ­දීය. ඩුබායි පොලී­සිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලංකි­ක­යන් 31 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ අතර කුප්‍ර­කට පාතාල අප­රා­ධ­ක­රු­වන් වූ කංජි­පානි ඉම්රාන්, රොටුඹ අමිල ඇතුළු පිරි­සක්ද ගායක පිය­පුතු දෙප­ලක්ද, රංගන ශිල්පි­යෙක්ද, බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් ද ඇතුළු සමා­ජයේ විවිධ තරා­ති­ර­ම්වල අය විය. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳ­හාම ඩුබායි ගිය අය බව හෙළි­විය.

මාක­ඳුරේ මධූෂ් ඇතුළු මෙම පිරිස මෙර­ටට පිටු­ව­හල් කිරී­මට හෝ භාර නොදී­මට ඩුබායි බල­ධා­රීන් මුලින් තීර­ණ­ය­කර තිබුණ ද පසුව එම අද­හස වෙනස් වන්නේ එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් මේ සම්බ­න්ධ­යෙන් එක්සත් එමීර් රාජ්‍යයේ ප්‍රධා­නියා සමඟ පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රු­වය. එම සාක­ච්ඡාවේ දිගු­වක් ලෙස එව­කට විදේශ ඇමැ­ති­ව­ර­යාව සිටි තිලක් මාර­පන මහතා ඇතුළු නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අබු­ඩාබි වෙත ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ බල­ධා­රීන්ද හමුවී තිබිණි. ඒ අනුව අත්අ­ඩං­ගුවේ සිටි ශ්‍රී ලාංකේය සැක­ක­රු­වන් එකි­නෙකා මෙර­ටට පිටු­ව­හල් කර­න්නට ඩුබායි බල­ධා­රීන් පිය­වර ගත්තේය. මාක­ඳුරේ මධූෂ්ව පිටු­ව­හල් කරන අව­ස්ථාවේ දී ඔහුව ඩුබායි වෙතම ගොස් රැගෙන ඒමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කට­යුතු කළේය.

මාක­ඳුරේ මධූෂ් එසේ මෙර­ටට රැගෙන එන්නේ 2019 වසරේ මැයි 05 වැනි­දාය. ඒ රැගෙන පැමිණි ඔහුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වීය. දේශ­පා­ල­න­ඥ­යන් ගැන මෙන්ම ඔහුට ඇති වත්කම් ගැන පවා තොර­තුරු හෙළි­වන්නේ එහි­දීය. දේශ­පා­ල­න­ඥ­යන්ට අම­ත­රව මධූෂ් පොලී­සියේ නිල­ධා­රීන් ද බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ද ඇතු­ළුව රජයේ නිල­ධා­රීන් රැසක් ද සමී­පව ඇසු­රු­කර ඇත. මේ හැම දෙයක්ම එදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් හෙළි­ක­ර­ගෙන තිබීණි.

මැති­ව­ර­ණ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කළ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ව්‍යාපා­රි­ක­යන්, රාජ්‍ය නිල­ධා­රීන් සහ දේපොළ සම්බ­න්ධ­යෙන් කෙරුණු විම­ර්ශ­න­ව­ලට වූ දෙයක් සොයා ගන්නට නැත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ සිටි මධූෂ්ව හිටි හැටි­යේම කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට 2020 වසරේ ඔක්තෝ­බර් 16 වැනිදා හෝ ආසන්න දින­යක දී භාර­දු­න්නේය. ඒ, ඉහළ නියෝ­ග­ය­කින් බව සඳ­හන් කර­මිනි.

කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගෙන පැය 24ක් යන්නට මත්තේන් මධූෂ්ගේ තොර­තුරු මත යැයි සඳ­හන් කර­මින් කොටි­කා­ව­ත්තෙන් හෙරො­යින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගත්තේය. මෙසේ මත්කුඩු තොග­යක් මධුෂ්ගේ තොර­තුරු මත සොයා ගත්තේ යැයි පව­සන්නේ මාස 18ක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටි­යත් හෙළි­නොවූ දෙයකි. අන­තු­රුව 19 වෙනිදා රාත්‍රී කාල­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මාක­ඳුරේ මධුෂ්ව මාලි­ගා­වත්තේ මහල් නිවාස සංකී­ර්ණ­යක් වෙත රැගෙන යන්නට සූදා­නම් වන්නේ එම නිවාස සංකී­ර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මධූෂ් විසින් හෙළි­කළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගන්න­ටය. එම නිවාස සංකී­ර්ණය පැල්පත් හා මුඩුක්කු ඉව­ත්කර කොළඹ ඛෙත්තා­රාම නිවාස සංකී­ර්ණය ආස­න්නයේ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉදි­කළ ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යකි. මාක­ඳුරේ මධූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකී­ර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩු­ක්කුය. මෙම නිවාස සංකී­ර්ණය ජන­තාව වෙනු­වෙන් විවෘත කරනු ලබ­න්නේද යහ­පා­ලන ආණ්ඩුව සම­යේ­දීය. මාක­ඳුරේ මධූෂ් මෙම නිවාස සංකී­ර්ණ­යට සිය ජීවි­තයේ කිසිදු අව­ස්ථා­වක පැමිණ තිබුණේ නැත. මත්කුඩු තොග­යක් 10 වැනි මහලේ නි‍ෙව­සක ඇති බව මධූ­ෂ්ගෙන් හෙළිවූ බව කියන්නේ මෙවන් තත්ත්ව­යක් හමු­වේය. පොලී­සිය පැත්තෙන් එදා පැව­සුවේ එම මත්කුඩු ඇති නි‍ෙවස මධූෂ්ගේ තොර­තුරු මත සොයා ගැනී­මට යමින් සිටි­යදී නිවාස සංකී­ර්ණය තුළ දී පොලිස් නිල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගුවේ මාංචු පිටින් සිටි මධූෂ්ට නාඳු­නන පුද්ග­ල­යෙක් ළඟ­ටම පැමිණ ඔළු­ව­ටම වෙඩි තබා පලා­ගිය බවය.

මාක­ඳුරේ මධූෂ්ව එදා මහ රෑ මෙම තට්ටු නිවාස සංකී­ර්ණ­යට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධා­නීන් කිහි­ප­දෙ­නෙක් පමණි. එසේ තිබිය දී මධුෂ් ගොඩ­නැ­ඟි­ල්ලට රැගෙන යන අව­ස්ථාවේ දී අවි­ගත් පොලිස් නිල­ධා­රින් ඉදි­රි­පිට මාක­ඳුරේ මධුෂ්ට වෙඩි තැබී­මට හැකි­යා­වක් තිබේ­දැයි අද­ටත් ඇත්තේ සැක­යකි. ඒ අද­ටත් එම වෙඩි­ක්ක­රුව අල්ලා ගැනී­මට පොලි­සිය සමත්ව නොමැති බැවිනි.

මධූෂ්ගේ මෙම අබි­ර­හස් මර­ණ­යත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශ­පා­ල­න­ඥ­යන් ඇතුළු පිරිස් සිටින්නේ නිද­හසේ හුස්ම ගනි­මිනි. කළු සල්ලි­ව­ලින් මධූෂ් අත්ප­ත්ක­ර­ගත් කෝටි ප්‍රකෝටි ගණ­නක් වූ දේපොළ ආගිය අතක් නොමැත. මේ දේවල් ගැන දැන් නැව­තත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මුල සිටම විම­ර්ශන ආරම්භ කිරී­මට හැකිය. ඒ, පොලී­සිය භාර අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස සිටි­න්නේත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි­න්නේත් එකළ මාක­දුරේ මධූෂ් ගැන විම­ර්ශන පවත්වා ඒ ගැන හොඳ­ටෝම දන්නා නිල­ධා­රීන් දෙදෙ­නක් වන බැවිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka