gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සැමියා පහර දෙනවා.. මිතුරන් එක්ක කරදර කරනවා..." - ජනාධිපති නීතීඥයාගේ බිරිද පොලිසි යයි

ජනාධිපති නීතිඥවරයකු වන තම සැමියා විසින් තමාට පහරදීම් ඇතුළු විවිධ හිංසන කරන බව සඳහන් කරමින් කොල්ලුපිටියේ පදිංචි දෙදරු මවක් විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති නීතිඥයකු වන තම සැමියාට එරෙහිව මෙලෙස පැමිණිල්ලක් යොමු කිරීමට හේතු වූයේ තමන්ට දිගින් දිගටම කරන පීඩාවන් නිසා බව අදාළ කාන්තාව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත දන්වා තිබේ.

තම සැමියා වන ජනාධිපති නීතිඥවරයා සමග විවාහ වී මේ වන විට වසර 22 ක් පමණ බවත්, තමාට වයස අවුරුදු 18 ක සහ 21 ක දියණියන් දෙදෙනකු සිටින බවත්, ඔවුන් එංගලන්තයේ සහ කැනඩාවේ ජීවත්වන බවත් කොල්ලුපිටියේ පදිංචිකාරිය සිය පැමිණිල්ල මගින් දන්වා සිටියි.

ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පමණ සිට සැමියා නිවසේ ඉහළ මාලයේද, තමා නිවසේ පහළ මාලයේද ජීවත්වන බවත්, සැමියාගේ පහරදීම් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත් බවත්, රාත්‍රි කාලයේදී තම සැමියා මිතුරන් සමග ප්‍රිය සම්භාෂණ පවත්වා තමාට හිරිහැර කරන බවත් සඳහන් කරමින් ඇය අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

ඉෂාර රත්නකාර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka