gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිසිම සමාවක් නෑ... පාවාදුන් පොලිස් ලොක්කා සොයා විමර්ශන!

රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නමැති සහකාර පොලිස් අධිකාරිවරුන් තමන් අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණි බවට තොරතුරු පොලිසියේම ඉහළ නිලධාරියකු විසින් ලබාදුන් බව ඩුබායි හි සිටින දරූන් නමැති පුද්ගලයා විසින් හෙළි කර තිබේ.

දරූන් නමැති පුද්ගලයාද කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන අතර ඔහු ද විදේශගතව සිටියි.

ඒ අනුව එම තොරතුරු කෙහෙල්බද්දර පද්මේට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මේ පිළිබඳ අදහහ් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේම සිටිමින් මෙම පාවාදීම සිදු කළ නිලධාරියාට කිසිම සමාවක් නොලැබෙන බවයි.

සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා ඉන්දුනීසියාවට පැමිණි බව සැලවීමත් සමගම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් තමන් පදිංචි වී සිටි සුපිරි මහල් නිවාසය ද අතහැර වෙනත් මහල් නිවාසයකට පලාගොස් තිබිණි.

පොලිසියෙන්ම ලැබුණු මෙම ඔත්තුව නිසා යම්කිසි ආකාරයකට මේ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය විශාල පාඩුවක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් ලබාගත් බව ඔහුට දැනුම්දී ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම පොලිස් නිලධාරියා අදාළ රතු වරෙන්තුවේ කොපියක් කෙහෙල්බද්දර පද්මේගේ වට්ස්ඇප් දුරකථනය වෙත යවා තිබී ඇති බව ද අනාවරණය වී තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka