gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිවේගි මාර්ග, නෙලුම් කුලුන ගැන පච කිවු කටවලින්ම ඒවා දිනපතා ආදායම් උපයනවා කියන්න වෙලා - ඉන්දික අනු­රුද්ධ

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නාය­ක­යන්ගේ සහ සාමා­ජි­ක­යන්ගේ වැරදි තිබේ නම් අභූත චෝදනා නොකර නීතිය ක්‍රියා­ත්මක කර­න්නැයි හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ මහතා කීවේය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා මේ බව පැව­සීය. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සහ අපේ කණ්ඩා­යම නියෝ­ජ­නය කරන්නේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ප්‍රකාශ කළ සංස්කෘ­ති­යක් යනු­වෙන් හඳු­න්වපු මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්වය මත හිඳි­මි­නුයි. එතුමා තමයි මේ රටේ තිස්අ­වු­රුදු යුද්ධය නිමා­කර ජනතා හද­ව­ත්ව­ලට කිඳා­බැ­හැපු එකම නාය­කයා. ඒකයි අද තිබෙන ගෞර­වය, ආද­රය හැම‍ ­කෙ­නා­ගේම හද­වතේ. මේ බලය අර­ගෙන තිබෙන්නේ බොරු කියලා.

අධි­වේගි මාර්ග, නෙලුම් කුලුන ගැන බොරු කිව්වා. අද හැම එකක්ම දවස ගණනේ ආදා­යම් උප­ය­නවා කියා අද මේ වත්මන් ආණ්ඩුවේ පිරි­සගේ කටින්ම කියන්න සිදු­වෙලා තිබෙ­නවා.ඒකයි ස්වභා­ව­ධ­ර්ම­යට පිටු­පාන්න බැහැ කියන්නේ. ස්වභා­ව­ධ­ර්මය අවශ්‍ය වෙලා­වට නැඟී සිටි­නවා. ඒවට පිළි­තුරු දෙනවා.

ඒ නිසා කරු­ණා­කර ජනතා ගෞර­වය දිනා­ගෙන තිබෙන මහින්ද රාජ­පක්ෂ මහ­තාට මේ අභූත චෝදනා ගේන්න උත්සාහ කරන්න එපා. යම් යම් අයගේ ගැටලු තිබෙ­නවා නම් නීති ක්‍රියා­ත්මක කරන්න. අපි පක්ෂයේ විනය ක්‍රියා­ත්මක කර­නවා. ඔබලා නීතිය ක්‍රියා­ත්මක කරන්න.ඒ කියන්නේ වැර­ද්දක් කර තිබෙන මනු­ස්ස­යෙක් ඉන්න­වා­නම් අපි ඒ අය කිසි ලෙස­කින් ආරක්ෂා කරන්නේ නෑ.”

සම­න්මලී ප්‍රිය­ශාන්ති
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka