gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නේපාලය අරාජිකයි... කොල්ලකෑම්, ලිංගික දුෂණ, පහර දීම් ඉහලට... හමුදාව ඇදිරි නීතිය පනවයි

නේපාලයේ පැතිර යන උද්ඝෝෂණ සහ අරගල හමුවේ ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් මෙහෙයවන ලද නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා, නේපාල හමුදාව විසින් රට පුරා ඇඳිරි නීතියක් සහ තහනම් නියෝග පනවා තිබේ.

අද ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රසිද්ධ සම්බන්ධතා සහ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය පවසා සිටියේ, සවස 5:00 දක්වා තහනම් නියෝග ක්‍රියාත්මක වන බවත්, ඉන් පසුව, හෙට (සැප්තැම්බර් 11, බ්‍රහස්පතින්දා) උදෑසන 6:00 සිට රට පුරා ඇඳිරි නීතියක් පනවන බවත්ය. ඉදිරියේදී ආරක්ෂක තත්ත්වය අනුව තවදුරටත් තීරණ ගන්නා බවද හමුදාව සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහය දුන් පුරවැසියන්ට හමුදාව සිය කෘතඥතාව පළ කරන අතර, විරෝධතා අතරතුර සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳවද කණගාටුව පළ කර තිබේ.

උද්ඝෝෂණ අරාජික තත්වයන් ඇති වෙමින් ඇතැයිද හමුදාව අනතුරු අඟවයි. ගිනි තැබීම්, කොල්ලකෑම්, රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානි කිරීම්, ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීම් සහ ලිංගික අතවර කිරීම් පවා සිදු කර ඇති බව හමුදාව විසින් පෙන්වා දී ඇත.

“විරෝධතා නාමයෙන් සිදු කරන ඕනෑම සාපරාධී ක්‍රියාවක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන අතර, ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත” යනුවෙන් හමුදාව අවධාරණය කරයි.

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ගිලන් රථ, අවමංගල්‍ය රථ, ගිනි නිවන රථ සහ සෞඛ්‍ය සේවකයන්ට හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට අයත් අත්‍යවශ්‍ය වාහන හැර වෙනත් වාහන ගමනාගමනයට අවසර නොලැබේ. අවශ්‍ය අවස්ථාවලදී සහය ලබා ගැනීම සඳහා ආසන්නතම ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙස හමුදාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

හමුදාව ඉල්ලා සිටින්නේ සාවද්‍ය තොරතුරුවලට නොරැවටී නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසයි. සියලුම නේපාල ජනතාවට එක්ව ජාතික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටත්, සමාජ සමගිය පවත්වා ගැනීමටත්, පුරවැසියන් සුරක්ෂිත කිරීමට සහ මානුෂීය ආධාර කටයුතු සිදු කිරීමටත් ආරක්ෂක අංශවලට සහාය දෙන ලෙස හමුදාව විසින් අවසානයේදී ඉල්ලීමක් කර තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka